ජංගම දුරකථන මිලට ගැනීම සියයට 80කින් අඩුවෙලා

නව ජංගම දුරකතන මිලට ගැනීම සියයට 80කින් පමණ අඩු වී ඇති බවත් ඒ වෙනුවට පැරණි ජංගම දුරකතන අලුත්වැඩියා කිරීම සියයට 118කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ජංගම දුරකතන ආනයනකරුවන්ගේ හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා.
රජය විසින් ආනයන සීමා කර ඇති පසුබිමක ජංගම දුරකතන ක්ෂේත්‍රයේ ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමයේ සභාපති සමිත් සෙනරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

