පාන් ගෙඩියක් රුපියල් 300ක් වෙන ලකුණු

වෙළඳපලේ පවතින තිරිඟුපිටි හිඟය හේතුවෙන් ඉදිරියේ දී පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
කිලෝග්රෑම් 50ක් බරැති තිරිඟු පිටි මිටියක මිල මේ වනවිට රු.20,000 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඩොලර් අර්බුදයත් සමඟ තිරිඟු පිටි ආනයනය කිරීම සමාගම් විසින් සීමා කිරීම හේතුවෙනි.
තිරිඟු පිටි හිඟයත් සමඟ බේකරි රැසක් මේ වන විට වැසීයාමේ අවධානමකට ලක්ව ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය වැඩි දුරටත් පවසයි.

