රන්ජන් කිව්ව කතාවකට බන්ධනාගාරයෙන් උත්තර

රන්ජන් කිව්ව කතාවකට බන්ධනාගාරයෙන් උත්තර

පසුගියදා රන්ජන් රාමනායක විසින් ප්‍රකාශ කර සිටිය මාළු වල පණුවෝ වැටෙනවා ඒ මාළු තමයි අපි උයන්නේ කියලා ඒ වගේම දාඩිය සෙම් සොටු වැටෙනවා කියලා බන්ධනාගාරයෙන් ලබා දෙන අහාර සම්බන්ධයෙ න් කල ප්‍රකාශය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක අද අදහස් පල කළා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ බන්ධනාගාර වලත් ඉන්නේ අපි වගේම මිනිස්සු බන්ධනාගාරවල ඉන්න මිනිස්සුන්ව ආරක්ෂා කිරීම රැක බලා ගැනීම ඔවුන්ට හරි වෙලාවට ආහාර ලබාදීම රැකවරණය සැලසීම බන්ධනාගාර නිලධාරීන්ගේ වගකීම.

මුළුතැන්ගෙයි සියලු ම කටයුතු කරන්නේ අනේවාසිකයින් විසින්මයි ඔවුන් විසින් පිසින ආහාර ඔවුන් විසින්මයි අනුභව කරන්නේ යනුවෙනුයි.

මෙහිදී ඔහු කල සම්පුර්ණ කතාව…

“බන්ධනාගාරවල දහස්ගානක් සිරකරුවන් ඇවිල්ල යනවා ලක්ෂක ට වැඩි ප්‍රමාණයක් මේ වන තුරු අපට ඒ වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ ආහාර පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණොත් ඔවුන් ඒ පිළිබඳව අධිකාරිවරයාට පැමිණිලි කරනවා ප්‍රධාන ජේලර්ට පැමිණිලි කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ඒවගේම නිලධාරීන් පැමිණෙනවා නිතර බන්ධනාගාර පරික්ෂා කිරීමට සලාකා බාරගැනීම ආහාර පිසීම සියලු කටයුතු බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කරන්නේ. ආහාරවල එවැනි ගැටලු ඇති වෙන්න අවස්ථාවක් නෑ බන්ධනාගාරවල ඒ අයගේ අමුත්තො බලන්න එනවා ඒ අයව අමුත්තො බලන්න ආවම පැමණිලි කරන්න පුළුවන් ඒ අයට.

මගේ බන්ධනාගාර සේවා කාලය වසර තිස් හතයි මගේ සේවා කාලය තුළ මම එකම දවසක් වත් පූසෙක් වැටිලා ඉන්න පරිප්පු එකක්වත් හොඳක්වත් මම අහල නෑ ඒ කතාව සම්බන්ධව කියන්න තියෙන්නේ එහෙම දේකට කිසිම හැකියාවක් නෑ කියලා.

බන්ධනාගාරයට එන දීර්ඝකාලීන සේවකයෝ ගන්නෙ නෑ කෙටිකාලීන සිරකරුවන් තමයි ගන්නෙ උයන්න. ඔවුන් වෙනම වාට්ටුවක රඳවලා වෙනම තමයි ඔවුන්ව තියන්නේ.

අපි සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා කෑම බෙදන කොට මේ හැමදේකටම ඒප්‍රන් සපයලා තියෙනවා ඔලුව වහන්න උපකරණ සපයලා තියෙනවා. මේ දේවල් පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතුළු සියලු දෙනා සමඟ නිතර කතා කරනවා ඔවුන්ගේ සනීපාරක්ෂාව නිරන්තරයෙන්ම තියනවා ආහාර පිසීමේදී.

හැමදාම තියෙනවා ආහාර උයන එකේ සාම්පලයක් මේ සාම්පලය හැමදාම ප්‍රධාන ජේලර් මහත්මයාට දෙනවා ඔහු පරික්ෂා කරල අධිකාරියට දෙනවා අධිකාරියත් මෙය කාල බලන්න ඕනේ කාලා බලලා තමයි තීරණය කරන්නේ මේ ආහාර වේල කොහොමද කියලා. ආහාර සලාක භාරගත්ත ජේලර්වරයා ට ලොකු වගකීමක් තියෙනවා ආහාර පෝලිම ඉවර වෙනකම් ආහාර පිළිබඳව ප්‍රශ්නයක් ආවොත් ඔහු වගකියන්න ඕන. එවැනි නීතියකට තමයි බන්ධනාගාරවල කටයුතු සිදු වෙන්නේ.

මෙම ආහාරවල තත්ත්වය පිළිබඳව රංජන් රාමනායක මහතා මෙහි සිටි වසර එක හමාරක කාලය තුළ බන්ධනාගාර නිලධාරීන්ට හෝ බන්ධනාගාර අධිකාරියට පැමිණිලි කරලා නැහැ.

බන්ධනාගාර වල සැපයෙන සැපයුම් කරන කොන්ත්‍රාත්කරුවන් ඒ අය ඒවා සපයන වගේම බන්ධනාගාරය තියනවා ආහාර දෙන්න ඕන රටාවක් දවල් ආහාර වේලට අයත් වන්නේ බත් ග්‍රෑම් 225 යි ග්‍රෑම් 56ක එළවළුවක් ග්‍රෑම් 28ක මැල්ලුමක් සහ දවල්ට මාළු දෙනවා ඒ වගේම රාත්‍රියට ග්‍රෑම් 177 බතුයි ග්‍රෑම් 85 ක අල වර්ගයක් සහ ව්‍යංජනය කොයි කුකුල් මස් තමයි ආහාර හැටියට දෙන්නේ ඒ වගේම ඉරිදා දිනයට විශේෂ ආහාර වේලක් හැටියට ලංකා පුරාම තිබෙන බන්ධනාගාර වල කහබත් දෙනවා.

කුකුල් මස් සමඟ මේ වගේ ආහාර රටාවත් තමයි බන්ධනාගාර තුළ ඇතිවෙලා තියෙන්නේ බන්ධනාගාරවලට ඇවිල්ල යන ලක්ෂයක පමණ පිරිසක් ඉන්නවා අවුරුද්දක ඔවුන් කිසි දවසක පැමිලි කරල නැහැ චෝදනා කරලා නෑ මේ ගැන ඒ නිසා බන්ධනාගාරවල ආහාර තත්ත්වය බන්ධනාගාර අධිකාරිවරයා ගේ අධික්ෂණය ට තෙක් සියලුම අංශ විසින් ඉතා හොඳින්ම සිදු කරනවා මට කියන්න තියෙන්නෙ මෙම ප්‍රකාශය ගැන ඇත්තටම කියනවා නම් වසර එකහමාරක කාලයක් රන්ජන් රාමනායක මහතා හොදින් බලාගත්තා අපි ඔහුට ආරක්ෂාව දුන්නා අපිට කවදාවත් ඒ අවස්ථාවලත් මේ ආහාර වල ගැටලුවක් ගැන ඔහු කියලා නෑ ඒ නිසා මට කියන්න තියෙන්නෙ බන්ධනාගාරවල ආහාර පිළිබඳව අඩුපාඩු වෙන්න පුළුවන් අඩුපාඩු මගහරවා ගෙන හරි විදිහට ආහාර සපයනවා කියන එක අපිට කියන පුළුවන් ඒ අවස්ථාවේදී.” යනුවෙන් පැවසීය