රජයේ ආයතනවල ප්‍රමාදයන් වැළැක්වීමට තවත් චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවලට ජනතාව ඉදිරිපත් කරන ගැටළු හා විමසීම්වලට, අදාළ රාජ්‍ය ආයතනය ප්‍රතිචාර ලබාදීමේදී පසුගිය කාල සීමාවේදී මතුවී ඇති යම් යම් පමාවන් වැළැක්වීම සඳහා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත, මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි, අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායදුන්නේ සඳහන් කළේ.
අදාළ චක්‍රලේඛයට අනුව, අවසන් පිළිතුරක් ලබා දිය නොහැකි මොහොතක, ලිපියක් ලැබී සතියක් ඇතුළත ලිපිය ලද බවට වන අතුරු පිළිතුරක් අදාළ පාර්ශව වෙත, යැවිය යුතු වන අතර සති හතරක් තුළ අවසන් පිළිතුරක් යැවීමද අනිවාර්ය කර තිබෙනවා.

