ලබන වසර සඳහා පාසල් පෙල පොත් මුද්‍රණය ඇරඹේ

ලබන වසර සඳහා පාසල් පෙල පොත් මුද්‍රණය ඇරඹේ

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 16,483 ක්.

පාසල් පෙළ පොත් සහ විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කරනු ලබන්නේ ඉන්දියානු ණය ආධාර යටතේයි.

ඊට අදාළ ලන්සු කැඳවීම සහ විවෘත කිරීම ආදී පියවර මේ වනවිටත් අවසන් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.