මානව හිමිකම් කොමිසමෙන් යුධ හමුදාපතිවරයාට නිර්දේශ

මානව හිමිකම් කොමිසමෙන් යුධ හමුදාපතිවරයාට නිර්දේශ

කුරුණෑගල – යග්ගපිටිය පිරවුම්හලේ දී පුද්ගලයෙකුට පා පහර එල්ල කළ ලුතිනන් කර්නල්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමෙන් යුධ හමුදාපතිවරයාට නිර්දේශ නිකුත් කොට තිබෙනවා.

පසුගිය ජූලි මාසයේ දී කුරුණෑගල – යග්ගපිටිය ලංකා අයි.ඕ.සී. පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අදාල යුධ හමුදා කර්නල්වරයා විසින් තරුණයෙක්ට පා පහර එල්ල කර තිබූ අතර, ඒ පිළිබඳ දැඩි කතා බහක් ද ඇති වුණා.

සිද්ධියෙන් අනතුරුව, අදාළ නිලධාරියාගේ ක්‍රියාකලාපය නො ගැළපෙන බවට පෙනී ගොස් ඇති නිසා එම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආයතනික මට්ටමින් පරීක්ෂණයක් සිදු කරන බවද එවක දී හමුදාව ප්‍රකාශ කළා.

COMMENTS