අයහපත් කාලගුණයෙන් පවුල් 55කට පීඩා

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ ඇතිව ඇති ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 55ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාව මගින් සඳහන් කළේ අයහපත් කාලගුණයෙන් නිවාස 3ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.
තවත් නිවාස 32කට අර්ධ හානි සිදුව ඇති බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.
අයහපත් කාලගුණික තත්ත්තවය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 222ක් පීඩාවට ලක්වෙලා තිබෙනවා.

