කෑගල්ලේ වෙඩි තැබීමක්, කාන්තාවක් මරුට

කෑගල්ල, කළුගල්ල මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අද (01) පෙරවරුවේ මෙම වැඩි තැබීම සිදු ව ඇති බව ය.
මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 36ක් වන කෑගල්ල, හබුදුගල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.
මිය ගිය කාන්තාව කළුගල්ල මාවතේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ සේවිකාවක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව ය.

