කටුනායක “හෝප් ගේට්” විවෘත වෙයි

කටුනායක “හෝප් ගේට්” විවෘත වෙයි

විදේශගත ශ්‍රමිකයන් සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වෙන් වූ විශේෂ පිවිසුම් දොරටුවක් හෝප් ගේට් නමින් ඊයේ (01) විවෘත කෙරුණා.

විදෙස් රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයන්ට සහ විදේශගත රැකියාවල නිරතව යළි දිවයිනට පැමිණෙන ශ්‍රමිකයන් සදහා මෙම නව දොරටුව ක්‍රියාත්මක බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කළේ.

මෙහි දී විදේශගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට මෙන්ම ඒ සදහා සහාය ලබා දීමට විශේෂ සත්කාරක සේවා සැපයීමේ කණ්ඩායමක් ද එහි යොදවා තිබෙනවා.