ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විගණනය කෙරේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විගණනය කෙරේ

ඉදිරි දෙසතිය තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විගණනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

මේ අතර, ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

කොළඹ ඊයේ (01) පැවති විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වත්කම් සහ දේපල සම්බන්ධයෙන් කිසිදු අයුරක තහවුරු කරන ලද තෙරතුරු එහි කළමනාකාරිත්වය සතුව නො පවතින බවයි.

මෙම විද්වත් සාකච්ඡාවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.