අද කාලගුණය

දිවයින ආශ්‍රිතව පැවති පහළ වායුගෝලීය කැළඹීලි තත්ත්වය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් යාපනය, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා.

