අලියෙකුට බය වී සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට

බිබිල පුවක් පැළ රක්ෂිතය ආසන්නයේදි අලියෙකු දැක කලබලයට පත්වීමෙන් සිදුවූ මෝටර් රථ අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුව ඇත්තේ, ඊයේ (04) රාත්‍රියේයි.
බරපතළ තුවාල ලැබූ පියා සහා පුතු රෝහලට ඇතුළත් කර ඇති අතර දැඩි අසාධ්‍ය තත්ත්වයේ සිටි 18 හැවිරිදි පාසල් සිසුවා ජීවිතක්ෂයට පත් වූ බව බිබිල රෝහල් ප්‍රකාශකයෙකු පැවසී ය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා බිබිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මියගිය සිසුවාගේ පියා උපකාරක පන්ති ගුරුවරයකු වන අතර ඔහු උපකාරක පන්තියකට සහභාගි වී බිබිල සිට පදියතලාවේ දක්වා ඔවුන්ගේ නිවස වෙත ගමන් කරන අතරතුර මෙම අනතුරට මුහුණ දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

