ඉන්දියාවේ සිටින සරණාගතයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සූදානමක

ඉන්දියාවේ සිටින සරණාගතයන් ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සූදානමක

යුද්ධය හේතුවෙන් සරණාගතයින් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පහසු කර, කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා

මෙම කමිටුව ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවියගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 58,000ක් පමණ මේ වන විට සරණාගතයින් ලෙස රැඳී සිටින අතර එම පිරිස අතරින් 3800ක් පමණ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට සූදානමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

වැඩිදුර තොරතුරු ඇතුළත් එම නිවේදනය පහතින් දැකිය හැකියි.

COMMENTS