අයවැය යෝජනා හරියට වෙනවාදැයි බලන්න ජනපතිගෙන් කමිටුවක්

මේ වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා කමිටුවක් පත්කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අතුරු අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමේ කඩිනම් පියවරක් ලෙස එම කමිටුව පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
කේ .ටී. කමල් පද්මසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එන්.කේ .ජි.කේ.නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන මහත්වරු පත්කර තිබේ.
විධිමත් මහජන සේවාවක් සහ සංවර්ධන ඉලක්ක ඉටුකරගැනීම වෙනුවෙන් බලපාන අනෙකුත් සාධක හා ආශ්රිත කරුණු තිබේ නම් ඒ පිළිබඳව ද එම කමිටුව විසින් විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිතය. අදාළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව නොවැම්බර් මස 15 වන දිනට පෙර ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

