කෝලි කාගේ පණිවිඩයක් ද බලාපොරොත්තු වුණේ ? – ගවස්කාර්ගෙන් සැර ප්‍රශ්නයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ පසුව තමන්ට කිසිවකු කතා කළේ නැති බවත් අඩුම තරමේ එස්එම්එස් පණිවිඩයක් හෝ එව්වේ මහේන්ද්‍ර සිං දෝනි පමණක් බවත් විරාත් කෝලි විසින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණි. කෝලිගේ එම ප්‍රකාශය පදනම් කර ගෙන නායකත්වයෙන් ඉවත් වූ පසුව විරාත් කෝලිට අවශ්‍ය වුණේ කාගෙන්, කුමන ආකාරයේ පණිවිඩයක් දැයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු සහ දක්ෂ ක්‍රීඩකයෙකු වූ සුනිල් ගවස්කාර් විමසා තිබුණා.
“කෝලි මොනවද මීට වඩා බලාපොරොත්තු වෙන්නේ? එයාට එක්කෙනෙක් කතා කරා කියලා එයාගේ නම සඳහන් කළා නම් කතා කරපු නැති අනෙක් අයගේත් නම් සඳහන් කරන්න තිබුණා. කතාව සාධාරණ වෙන්නේ එතකොටයි.
මම 1985 දී නායකත්වයෙන් ඉවත් වුණේ. ඒ බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලිය දිනලා. ඊට පසුව මම ටීම් එකේ අනෙක් අයත් එක්ක පාටියක් දැම්මා. සිප වැළඳ ගත්තා. එච්චරයි. තව වෙන මොනවද.”
“එයා දැන් නායකයා නොවේ. ඒ නිසා ඔහුට කණ්ඩායමේ අනෙක් අය ගැන හොයන්න තැවෙන්න උවමනාවක් දැන් නැහැ. තමන්ගේ ක්‍රීඩාව කර ගෙන යෑමටයි තියෙන්නේ.”
1978 වසරේ සිට 1985 වසර දක්වා ඉන්දීය කණ්ඩායමට නායකත්වය දුන් ගවස්කාර් ඉන්දියාවෙන් බිහි වූ හොඳම ටෙස්ට් නායකයා ලෙස පිළිගැනෙන විරාත් කෝලිට පිළිතුරු ලෙස පවසා ඇත.
කෝලි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 68කට නායකත්වය ලබා දී ඇති අතර ඉන් තරඟ 40ක් ජයග්‍රහණය කරා මෙහෙයවා තිබේ.
ගවස්කාර් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 125කට සහ එක් දින ජාත්‍යන්තර තරඟ 108කට ක්‍රීඩා කර ඇති අතර කෝලි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 102ක් සහ එක් දින ජාත්‍යන්තර තරග 262ක් ක්‍රීඩා කර ඇත.

