පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කරන්න චක්‍රලේඛයක්

පාසල් දරුවන්ගේ බෑග් පරික්ෂා කරන්න චක්‍රලේඛයක්

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සාධනීය පියවර රැසක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද ( 07) අපේ ජන බල පක්ෂයේ නායක අතුරලිය රතන හිමියන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගණනාවක් ගෙන ඇති බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියේ ය.

”නාගරික සහ ප්‍රධාන පාසල් ආශ්‍රිතව පාසල් සංවර්ධන සමිති දෙමව්පියන් සහ ශිෂ්‍ය නායකයින් උදේට පාසල් එන දරුවන්ගේ බෑග් පරීක්ෂා කරලා නැහැ. කාලයක ඉඳලා මේක වෙන්නේ නැහැ. මේවා එක්කෝ ටොෆි හෝ වෙනත් ආකාරයකින් එන්න පුළුවන්. ඒක නිසා චක්‍රලේඛයක් මගින් මං බලාපොරොත්තු වෙනවා, සියලු ම පළාත් අධ්‍යක්ෂවරුන් හරහා මේවා පරීක්ෂා කරන්නැයි කියන්න.” යනුවෙන් පැවසීය