නෙදර්ලන්තය හා නවසීලන්තය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කරයි

නෙදර්ලන්තය හා නවසීලන්තය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කරයි

නෙදර්ලන්තය හා නවසීලන්තය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා තිබූ සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරිමට කටයුතු කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් 11ක් මේ වන විට සිය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කර තිබේ.

මහා බ්‍රිතාන්‍ය, ස්විටසර්ලන්තය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, නොර්වේ, ස්වීඩනය, කැනඩාව, බෙල්ජියම යන රටවල් මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කිරීමට කටයුතු කළේය.