අත්අඩංගුවටගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න අද අධිකරණයට

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවය.
කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මේ වනවිට කොටුවේ පොලිසියේ රඳවා තිබෙනවා.
පොලීසිය සඳහන් කරන්නේ ඇය අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

