සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

සියලු රජයේ ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.

මේ අතර දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජකීය පවුලට සහ එක්සත් රාජධානියේ ජනතාවට සිය ශෝකය පළකර තිබෙනවා.

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වී ඇති බව බකිංහැම් මාලිගය ඊයේ (08) පස්වරුවේ නිවේදනය කළා.

බ්‍රිතාන්‍ය මහ රැජින අභාවප්‍රාප්ත වන විට පසුවූයේ 96 හැවිරිදි වියේයි.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා එහි ගෞරවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කලා.

දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් සිදු කෙරෙමින් පැවති 1952 වසරේදීයි.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය හෙට ලන්ඩනයට රැගෙන එන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.