ඩිල්ෂාන්ගේ වාර්තාවක් පැතුම්ගේ නමට ලියාගනී

ඩිල්ෂාන්ගේ වාර්තාවක් පැතුම්ගේ නමට ලියාගනී

එක් වර්ෂයක් තුළ ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංක සමත්ව තිබේ.

ඒ් අනුව 2009 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් තරග 12කදි ලකුණු 471ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව පැතුම් බිඳ හෙලා ඇත්තේ තරග 16කදී ලකුනු 491ක් රැස්කරමිනි.

ඒසේම නායක දසුන් ශානක තරඟ 16කදී ලකුණු 396ක් රැස්කරමින් මෙම සටහනේ සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

ආසියානු කුසලාන තරඟාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ පැවති තරඟයේදී තම 6වන අර්ධ ශතකය ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත් වුණා. එහි දී ඔහු නොදැවී ලකුණු 55ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි 20 ලකුණු ප්‍රමාණයක් එක් වර්ෂයක් තුළ රැස්කළ පිතිකරුවන්,

491 (තරඟ 16) – පැතුම් නිශ්සංක – 2022
471 (තරඟ 12) – තිලකරත්න ඩිල්ෂාන් – 2009
434 (තරඟ 12) – කුමාර් සංගක්කාර – 2009
396 (තරඟ 16) – දසුන් ශානක – 2022
343 (තරඟ 09) – මහේල ජයවර්ධන – 2010