මර්ධනයට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ ජිනීවා මානව හිමිකම් සැසියට

මර්ධනයට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ ජිනීවා මානව හිමිකම් සැසියට

ජීනිවාහි මානව හිමිකම් සැසිවාරය ඇමතීම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා අද (10) ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කළේ, වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේ මහතාට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කරනු ඇති.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය එළඹෙන 12 වෙනිදා සිට ඔක්තෝම්බර් 07 වෙනිදා දක්වා පැවැත්වෙයි.