මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්

මෙරට ගොවීන් වෙනුවෙන් ඩොලර් මිලියන 40ක ප්‍රදානයක්

මෙරට ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සහ වෙනත් කෘෂිකාර්මික යෙදවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ප්‍රදානය කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් පවසනවා.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඩ් හි ප්‍රධාන නිලධාරි සමන්තා පවර් අද පස්වරුවේ ජා-ඇල – ඒකල, යාය ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවුණා.

එහිදී ගොවීන් තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් ඇය දැනුවත් කළා.