අගෝස්තු මාසයේ විදේශ විනිමය 16.4%කින් ඉහළට

මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළ ගොස් ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත් වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවය.
ජූලි මාසයේදී ඇ.ඩො.මි. 279ක් වූ විදෙස්ගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඇ.ඩො.මි. 325ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇතැයි නානායක්කාර මහතා පැවසීය.

