ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 20ක්

ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 20ක්

ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මානුෂීය ආධාර ලෙස අමෙරිකාව තවත් ඩොලර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබා දෙන බව US AID පරිපාලක සමැන්තා පවර් සඳහන් කරයි.

ජනපතිවරයා හා පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කර තිබේ. රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසදා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව තමන් පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පෞද්ගලික අංශය සහ ශ්‍රී ලංකාව වෙත නව ආයෝජන ලබාදීම සදහා අපේක්ෂාවෙන් සිටින ආයෝජකයින්ටත්, සමස්ත ජනතාවටත් නව ප්‍රවේශයක් සඳහා අවශ්‍ය උත්ප්‍රේරකයක් වීමට තම රට සෑමවිටම කටයුතු කරන බවට ඇය ජනපතිවරයා හමුවේ සහතික වි තිබේ.

COMMENTS