උපකාරක පන්ති ගුරුවරුන් බදු සහන ඉල්ලයි

උපකාරක පන්ති ගුරුවරුන් බදු සහන ඉල්ලයි

තමන්ට බදු සහන ලබාදෙන ලෙස පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් නියෝජනය කරන සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ 2018 වසරෙන් පසු සිය සංගමය ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි.

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස පිරිවැය ඉහළ ගොස් ඇති බවයි එම සංගමයේ ජාතික සංවිධායක ජනක් ක්‍රිශාන්ත සහ අනුශාසක සමන් ජයසිංහ ප්‍රකාශ කළේ.

COMMENTS