මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට රනිල් බ්‍රිතාන්‍යයට

පසුගිය දා අභාවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ තහවුරු කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇත්තේ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා තබා ඇති ශෝකය පළ කිරීමේ සටහන් පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව ය.
එළැඹෙන 19 සඳුදා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත ය.

