ආසියාව දිනූ කොල්ලොයි, කෙල්ලොයි හෙට දිවයිනට – මඟ දෙපසට ඔබත් එන්න

ආසියාව දිනූ කොල්ලොයි, කෙල්ලොයි හෙට දිවයිනට – මඟ දෙපසට ඔබත් එන්න

ක්‍රිකට් සහ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් හෙට (13) උදෑසන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.

ඔවුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතයි.

ආසියානු ශූරතා දිනූ ක්‍රිකට් හා දැල්පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හරසරින් පිළිගැනීමට වීදි දිගේ පෙළ ගැසෙන්නැ යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය පරාජය කළ අතර, දැල්පන්දු කණ්ඩායම හමුවේ පරාජය වුණේ සිංගප්පූරුව යි.