ගල් අඟුරු ඔක්තෝබර් 20ට කලින් නොලැබුණොත් පැය 10ක් කළුවරේ ඉන්න වේවි

ඔක්තෝබර් 20 වනදායින් පසුව පවතින ගල් අඟුරු අවසන් වන බැවින් සැපයුම්කරුවන් ගල් අඟුරු සැපයීම කඩිනමින් සිදු නොකරන්නේ නම් විදුලිය නිෂ්පාදනයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවන බවට ගල් අඟුරු සමාගම අනතුරු අඟවයි.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් අනිල් රංජිත් ඉඳුවර මහතා මේ බව පැවසුවා.
“මේ ගල් අඟුරු ප්රශ්නය අපි දිගින් දිගටම පැහැදිලි කළා හැකි ඉක්මනින් ගල් අඟුරු ගේන්න කියලා. පවතින ගල් අඟුරුවලින් අපට විදුලිය ජනනය කරන්න පුළුවන් ලබන ඔක්තෝබර් මාසේ 20 – 25 වගේ වෙනකල් පමණයි. ඉන් පසු විදුලිය ජනනය කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපට අලුතින් ගල් අඟුරු ගේන්න වෙනවා. ඒ සඳහා මේ වනවිට ගල් අඟුරු සමාගම විසින් ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් සඳහා. මේ ටෙන්ඩරය ඉතා ඉක්මනින් ප්රදානය නොකළොත් අපට ගල් අඟුරු නියමිත කාලයට ගේන්න බැරිවෙනවා. ඔක්තෝබර් මාසේ 20 විතර වෙනකොටවත් මේ ගල් අඟුරු අපේ බලාගාරයේ තියෙන්න ඕනෙ. එහෙම නැතිවුණොත් අපේ නොරොච්චෝලේ බලාගාරයේ යන්ත්‍ර තුනම නවත්තන්න වෙනවා. එහෙම වුණොත් අපට මේ විදුලි ප්‍රමාණයම නැතිවෙනවා, එහෙම වුණොත් අපට මේ විදුලි ප්‍රමාණයම නිෂ්පාදනය කරන්න වෙනවා ජල විදුලියෙන් හෝ තෙල්වලින්. තෙල්වලින් නිෂ්පාදනය කරන්න තෙලුත් නැතිවුණොත්, මේ මොහොත වෙනකොට අපට ලැබෙමින් පවතින වර්ෂාවත් නොලැබුණොත් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යන්න වෙනවා. සමහරවිට ඒක පැය 10 – 12 වගේ වෙන්නත් ඉඩ තියෙනවා” යනුවෙන් පැවසීය.

