ශ්‍රී ලංකා හිටපු බර අවි කැන්ගරුවන් පරදා ජය ගනී

ශ්‍රී ලංකා හිටපු බර අවි කැන්ගරුවන් පරදා ජය ගනී

ප්‍රවීණයින්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට අදාළව ඉන්දියාවේ ඛාන්පූර්හි ඊයේ (11) පැවති තරඟයෙන් ඔස්ට්‍රෙලියානු ලෙජන්ඩ්ස් පිල පරදවා ලකුණු 38 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සිය පන්දු වාර විස්ස අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 218 ක් රැස් කළා.

නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දු 56දී ලකුණු 107ක් සහ ඩිල්ෂාන් මුණවීර නොදැවී ලකුණු 95 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රෙලියානු පිලට පන්දු වාර 18ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 180 ක් පමණයි.