ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ලැබූ ජය ඇෆ්ගනිස්ථානයේ පිරිස් සැමරූ අයුරු (video)

ශ්රී ලංකාව පාකිස්තානය පරදවා 2022 ආසියානු කුසලානය දිනාගැනීමත් සමඟ ඇෆ්ගනිස්ථානුවන් ඊයේ රාත්රියේ වීදි බැස සතුටු වී තිබුණා.
තරඟාවලියට පෙර ඇෆ්ගනිස්ථාන සහ පකිස්ථාන කණ්ඩායම් උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා.
කෙසේ වෙතත් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලකුණු 23කින් ජය ගැනීමට ඊයේ (11) ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා.

