සමාවෙන්න, පරාජයේ වගකීම මම භාර ගන්නවා – ෂාදාබ් ඛාන්

ආසියානු කුසලාන අවසන් තරඟ පරාජයෙන් පසු පකිස්ථාන ක්රීඩක ෂාදාබ් ඛාන් සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.
ඔහු එහි සඳහන් කර ඇත්තේ,උඩ පන්දු රැක ගැනීම තරග ජයග්රහණය කරවන බව ත් ඊයේ තරඟ පරාජයේ වගකීම තමන් භාර ගන්නා බවත් ය.

නසීම් ශාහ්, හරීස් රවුෆ්, මොහොමඩ් නවාෆ්, ඇතුළු පන්දු යවන්නන් හොඳින් පන්දු යැවූ බව පවසන ෂාදාබ් එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ, මොහොමඩ් රිස්වාන් සටන්කාමී ඉනිමක් ක්රීඩා කළ බවයි.
කෙසේ වෙතත් ඔහු සිය සටහන් අවසන් කර ඇත්තේ,ආසියානු කුසලානය ජය ගත් ශ්රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක් කරමිනි.
ෂාදාබ් අතින් භානුක රාජපක්ෂගේ පහසු උඩ පන්දුවක් ගිලිහී ගිය අතර තවත් උඩ පන්දුවක් අසීෆ් අලී හා ඔහු වෙතින් ගිලිහිණ.
ඊයේ රාත්රීයේ පැවති අවසන් මහා තරගයේදී පකිස්ථානය ලකුණු 23 කින් පරාජය කරමින් ශ්රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්රිකට් ශූරතාව දිනා ගත්තේය.

