ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්

ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහය ලබා දීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) පවසයි.

රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අතර පැවැත්වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදියි.

එහිදී රටේ ආර්ථික අර්බුද විසඳීමට ආසියානු සංවර්ධන බැංකුවට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ආසියානු සංවර්ධන බැංකුව වශයෙන් දිය හැකි උපරිම සහාය පිළිබඳවත්, එය විවිධ ක්ෂේත්‍ර සඳහා ලබාදෙන්නේ කෙසේදැයි යන කාරණය ගැන ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වත්මන් අර්බුදය ජයගැනීමට දිය හැකි ද්විපාර්ශ්වික ශක්තිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

COMMENTS