රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනයට

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා කාලරාමු නිර්දේශ කිරීමත්, දැනට රාජ්‍ය සේවය තුළ පැන නැගී ඇති ගැටලු සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහායි.

පවතින ආර්ථික තත්ත්වය යටතේ රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවීමට රජය විසින් තීරණය කිරීම හේතුවෙන් සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීම් පටිපාටින්හි විධිවිධාන පරිදි අනුමත තනතුරු සඳහා ආරම්භ කර ඇති ක්‍රියාමාර්ග නතර කිරීමට කොට තිබෙන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ නිවේදනයේ සඳහන් වන්නේ.