ආසියානු ශුරයන්ව පිළිගන්න විශාල ජනතාවක් පාරට එයි (Photos, Video)

ශ්‍රී ලංකා නාමය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබූ ක්‍රිකට් සහ දැල් පන්දු ශූරයන් අද දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සදහා කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.
ක්‍රිකට් ක්‍රීඩකයින් සහ දැල්පන්දු ක්‍රීඩිකාවන් ජනතාවගේ සුබපැතුම් මධ්‍යයේ කටුණායක සිට කොළඹට කැඳවාගෙන ඒම මේ වනවිට සිදුවනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන හිමිකර ගත්තේ මව්බිමේ කීර්තිනාමය ජාත්‍යන්තරය තුළ යළි ඔසවා තබමින්. එලෙස මව්බිමට ගෞරවයක් අත් කර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දැල් පන්දු කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී උත්කර්ෂවත්ව ඔවුන් පිළිගනු ලැබුවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාණ් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඔවුන් පිළිගැනීමට එක්ව සිටියා.
එම පිළිගැනීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රිඩිකාවන් විශේෂ රථ පෙරහැරකින් කටුනායක ගුවන් තොටුපළේ සිට මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමාත්‍යාංශ සංකීර්ණයේ දැල් පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැදවාගෙන ඒම මේ වනවිට සිදුකෙරෙනවා.
ශ්‍රී ලංකා නාමය ආසියාවේ ඉහළින්ම ඔසවා තබමින් ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන් මෙම ක්‍රිඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරමින් ජාතික ධජ අතැතිව ගමන් මඟ දෙපසට බොහෝ පිරිසක් එක්ව සිටිනවා.







