දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක්

දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක්

දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25 ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එස්. හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ගෙවල්බිඳීම් සහ මාල කැඩීම් සිදු කරන බවට වාර්තා වන බවයි.

ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැඩිවි ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර මේ දිනවල දකුණු පළාතේ සිදුවන ඝාතන මැඩ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව ද එස්. හේට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, එම ඝාතනවලට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්කුඩු ජාවාරම්කරුවන් අතර පවතින ආරවුල් බවයි.

COMMENTS