රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද එළියට එයි

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කිරීමට නියමිත යි.
මේ යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව 60කට සීමා කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ සඳහන් කරනවා.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයකට එය බල නො පානු ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර රජයේ ආයතනවල ඉංජිනේරුවරුන් පවසන්නේ, තම සේවාවට අදාළ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60කට සීමා කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වන බව යි.
එසේ වුව හොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල බිඳවැටීමක් සිදු විය හැකි බව යි ඔවුන් අනතුරු අඟවන්නේ.

