සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑමෙන් දැරියන් පාසල් පැමිණීමේ අඩුවක්

සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියේ, ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ, පවතින ආර්ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

