මහේලට උසස්වීමක්

මහේලට උසස්වීමක්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන මහතා එම කණ්ඩායමේ ගෝලීය කාර්ය සාධන ප්‍රධානි තනතුරට පත් කර තිබේ.

එහි නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, ගෝලීය වශයෙන් කණ්ඩායම ඉහළ ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ඔහු නව තනතුරට පත් කළ බවයි.

ඒ අනුව උපාය මාර්ගික සැලසුම් සැකසීම, ඒකාබද්ධ ගෝලීය ඉහළ කාර්යසාධනයක් සහිත පද්ධතියක් නිර්මාණය කිරීම, පුහුණුකරුවන් හා සහායකයින් සමග සමීපව කටයුතු කරමින් සහයෝගීතාව සහතික කිරීම මහේල ජයවර්ධන මහතාගේ නව තනතුරේ කාර්යභාරයට අයත් ය.

COMMENTS