“ද නිව්ස් පේපර්” සම්මානය අරන් බන්දුල එයි

රුසියාවේ කසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ දී හොදම නළුවා සම්මාන ද්විත්වය ප්‍රථම වරට හිමිකර ගැනීමට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල යන කලාකරුවන් සමත් වුණා.
චිත්‍රපටයේ නිෂ්පාදක බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය ලබා ගත් අතර ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට ළගා වුණා. මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන්නේ රවීන්ද්‍ර ගුරුගේ සහ එච් ඩී ප්‍රේමසිරි යන දෙදෙනායි.
‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය ලාංකීය සිනමා ක්ෂේත්රයේ සුවිශේෂීම නිර්මාණයක් ලෙස ඉතිහාසයට එක් වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ලොව ප්‍රධානතම රටවල් රැසක් ඉදිරිපත් කර තිබූ චිත්‍රපට සිය ගණනක් අතරින් ”ද නිවුස් පේපර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක සඳහා මෙම සම්මානය හිමි වීම කැපී පෙනෙන ලක්ෂණයක්.
මීට පෙර බැංගලෝර් අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියාවේ දෙවැනි හොඳම චිත්‍රපටය ලෙසත් සම්මානයට පාත්‍ර වූ අතර, ඇමරිකාව, එංගලන්තය ඇතුළු රටවල මෙතෙක් නියෝජනය කළ අන්තර්ජාතික සිනමා උළෙලවල දී සම්මානය 8ක් දිනාගැනීමටත් “ද නිවුස්පේපර්” චිත්‍රපටය සමත් වුණා.



