සඳුදා නිවාඩු දිනයක් වුනත් අපි වැඩ

එළඹෙන 19 වැනි දින බ්‍රිතාන්‍ය රැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණ ද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ කලින් එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දින සහ වේලාවන් වෙන්කරවා ගත් අයදුම්කරුවන් වෙනුවෙන් පමණක් බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර එම දෙපාර්තමේන්තුව සපයන සෙසු සේවාවන් එදින සැපයෙන්නේ නැහැ.
කිසිදු හේතුවක් මත දින හා වේලාවන් වෙන් කර නොගත් කිසිවෙකු එදිනට නොපැමිණෙන ලෙසටයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

