වාස් ගුණවර්ධනගේ බිරිඳට සහ හිටපු පොලිස් අධිකාරීවරයෙක්ට වරෙන්තු

අධිකරණය මගහැර සිටීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශාමලී පෙරේරා ගුණවර්ධන සහ හිටපු පොලිස් අධිකාරී ඉන්දික පුෂ්පකුමාර අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ (16) වරෙන්තු නිකුත් කළා.
ඒ, 2009 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) අධ්‍යාපනය හදාරමින් සිටි නිපුන රාමනායක නම් සිසුවා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහි නඩුවේ දී යි.
අදාල නඩුවේ පළමු සහ හයවැනි විත්තිකරුවන් වන මෙම විත්තිකරුවන් දෙදෙනා නඩු විභාගය සඳහා ඊයේ අධිකරණයට කැඳවා තිබුණත්, ඔවුන් ඊට පෙනී නො සිටිය බැවින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් වරෙන්තු නිකුත් කෙරුණා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් මීට පෙර ඇප මත මුදා හැර තිබුණා.

