එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන විගණකාධිපති කළ දැනුම්දීම

එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන විගණකාධිපති කළ දැනුම්දීම

මෙරට මුහුදු සිමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂා කර බලන්නැයි විගණකාධිපතිවරයා උපදෙස් දී තිබේ.

විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය තක්සේරු කිරීම සහ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශව වලින් ඉදිරිපත් වූ කරුණු සැළකිලල්ට ගෙන එම පියවර ගත් බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂාවේදී අනාවරණය වන තොරතුරු අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු හානිය සඳහා වන්දි අයකර ගැනිමේ ක්‍රියාවලිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව විගණකාධිපතිවරයා සඳහන් කළේ ය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ ගිලී මේවනවිට වසරකුත් මාස තුනකට අධික කාලයක් ගතවී තිබේ.

එම නෞකාවේ අනතුරුදායක භාණ්ඩ බාහලුම් 81 ක් ප්‍රවාහනය කරමින් තිබු අතර නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් අන්තර්ගත විය.

නෞකාවේ ගින්නෙන් මන්නාරම සිට හම්බන්තොට, කිරින්ද වෙරළ කලාපය දක්වා ,කිලෝ මීටර් 746 ක් වපසරියක් බලපෑමට ලක්විය.

COMMENTS