ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනය පසු කරමින් ඉන්දියාව එක වෙයි

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනයට වඩා ඉන්දියාව ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියාව, මෙම වසරේ මාස හතරක කාලය තුළදී ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 968 ක්.
2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ චීනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 947 ක ණය ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.
මේ අතර මෙරටට ණය ලබා දී ඇති සියලුම බාහිර ණය හිමියන් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර පිළිබඳව එළඹෙන 23 වනදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලක් රජය දැනුවත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහයවීම සඳහා මාස 48ක් තුළදී ඩොලර් බිලියන 2.9 ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට ඉකුත් 1 වනදා ලක් රජය මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ මූලික එකඟතාවට පැමිණියා.
මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතාව පිළිබඳව සහ ආර්ථිකයේ ඇතිවූ වර්ධනය පිළිබඳව එළඹෙන 23 වනදා ශ්‍රී ලංකාව තම බාහිර ණය හිමියන් ද මාර්ගගත ක්‍රමය ඔස්සේ දැනුවත් කරනු ඇතැයි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ නීති උපදේශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට සේවය ලබාගත් ක්ලිෆර්ඩ් චාල්ස් නීති සමාගම නිවේදනය කරනවා.

