පේරාදෙණිය සරසවි සිසුවෙක් ආගිය අතක් නෑ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අතුරුදන් වී තිබේ.
පොලිසිය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ (18) දිනයේදී පේරාදෙණිය පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ය.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ, වයස අවුරුදු 24ක් වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්රාස්ත්ර පීඨයේ සිසුවෙකි.
ඔහු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ සිසුවා විසින් සැප්තැම්බර් 16 වන දින ලියන ලද බවට සැක කරන ලිපියක් ඔහු නැවතී සිටී කාමරයේ තිබී සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.
මේ දක්වා මොහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

