විදුලි බිලට එරෙහිව අද පාරට එයි

විදුලි බිලට එරෙහිව අද පාරට එයි

විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව අද සවස 4.00ට සර්ව ආගමික නායකත්වය,වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන සමඟ මහජන සභාව එක්ව කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන බව පවසයි.

මේ අතර ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එළැඹෙන වප් පොහොය දිනයේ දී දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක් වීමට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. දක්වන ලෙස මධ්‍යම පළාත් මහ සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

ඊයේ (18) පැවැති මධ්‍යම පළාත් මහ සංඝ සභා රැස්වීමේ දී මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති අතර, පන්සල්වල දායක සභා ද මේ සඳහා එකඟ කරවා ගන්නා ලෙසයි එම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.