ක්‍රිකට් සභාපති මන්ත්‍රී නලීන්ට එරෙහිව පොලිසි යයි

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර තමන් සොයා කොළඹ ක්‍රිකට් සමාජයට පැමිණිමේ සිද්ධිය පිළිබඳව ඊයේ (21) පස්වරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසනවා.
නලීන් බණ්ඩාර පෙරේදා (20) පස්වරුවේ පුද්ගලයන් කීපදෙනකු සමඟ සී.සී.සී. වෙත පැමිණ තමන් සොයා ඇති බව කී ශම්මි සිල්වා එම අවස්ථාවේදී තමන් ක්‍රීඩා සමාජයේ නොසිටි බවයි සඳහන් කලේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ආසියානු කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වීම මෙම සොයා ඒමට හේතුව වීමට ඉඩ තිබේ.

