අතුරුදන් වී සිටි පේරාදෙණිය සිසුවාගේ සිරුර මහවැලි ගඟෙන් හමුවෙයි

අතුරුදන් වී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව් වන වසරේ සිසුවාගේ මළ සිරුර ඊයේ ( 21) පස්වරුවේ මහවැලි ගඟේ හක්කිඳ දූපත් සමූහය ආසන්නයේ තිබී සොයාගෙන තිබේ.
පැණිදෙණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළින් පිටවීමට පෙර සිසුවා විසින් ලියා තබන ලද ලිපියක් හමුවූ අතර තමන් මහවැලි ගඟට යන බව ඔහු එහි සඳහන් කර තිබීම නිසා පොලිසිය හා විශ්වවිද්‍යාල සිසුහු දින ගණනාවක් තිස්සේ මහවැලි ගඟ දෙපස පරීක්ෂාවට ලක් කළහ.
අංජන කුලතුංග නමැති 24 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ ජංගම දුරකථනය ඉකුත් 16 වැනිදා සිට ක්‍රියා ක්‍රියාවිරහිත වී තිබීම හේතුවෙන් ඔහුගේ දෙමව්පියන් පේරාදෙණියට පැමිණ ඔහු නවාතැන් ගෙන සිටි පෞද්ගලික නවාතැනට පැමිණ ඒ පිළිබඳව සොයා බැලීමේදී ඔහු විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබුණි . එහි සඳහන්ව තිබී ඇත්තේ ඔහුට බාධාවක් නොපැමිණියහොත් මහවැලි ගඟ අයිනක තිබි ඔහුගේ ශරීරය සොයාගත සොයාගත හැකිවනු ඇති බවයි .
ශිෂ්‍යයාගේ මෘත දේහය මහවැලි ගඟේ තිබේ හමුවූ සිරුර ඔහුගේ දෙමව්පියන් පුතා බවට හඳුනාගෙන තිබේ .

