ආර්ථික අර්බුදයෙන් බැට කන දරුවෝ – සිසුවියක් දවල්ට කන්න පොල් මද ගෙනත්

ආර්ථික අර්බුදයෙන් බැට කන දරුවෝ – සිසුවියක් දවල්ට කන්න පොල් මද ගෙනත්

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට බොහේ ප්‍රදේශ වල ජනතාවගෙන් බහුතරයකට එදිනෙදා තුන්වේල පිරිමසා ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මින් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන්නේ පාසල් දරුවන්ය.

මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වන්නේ එක් සිසුවියක් දිවා ආහාරය සඳහා කළටි පොල් මද රැගෙන විත් සිටි බවයි.

09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක්ද වන ඉගෙනීමට දක්ෂ සිසුවියකි.

දරුවන් කිහිප දෙනෙකුගෙන් සමන්විත ඇයගේ පවුලේ පියා දෛනිකව කුළී වැඩවල නිරතවීමෙන් සිය පවුල නඩත්තු කරන බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත අදාල පාසලේ ගුරු භවතුන් විසින් දිනපතා කෑම පාර්සල් කිහිපයක් පාසලට රැගෙන ගොස් දිවා ආහාරය නොමැතිව පාසලට පැමිණෙන දරුවන්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ වනවිට බොහෝ පාසල්වල උදෑසන රැස්වීමේදී දරුවන් කිහිප දෙනෙකු ක්ලාන්තව ඇදවැටීම සුලබ දසුනක් වී තිබෙනවා. මේ නිසා ඇතැම් පාසල්වල උදෑසන රැස්වීම නොපැවැත්වීමටද පාසල් බළධාරීන් පියවර ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් කුසගින්න ඉවසා ගත නොහැකිව විහාරස්ථානයක බුද්ධ පූජාව හොරෙන් කා ඇති බවද පසුගිය දිනවලදී වාර්තා විය.

මේ වනවිට බොහෝ පාසල්වල උදෑසන රැස්වීමේදී දරුවන් කිහිප දෙනෙකු ක්ලාන්තව ඇදවැටීම සුලබ දසුනක් වී තිබෙනවා. මේ නිසා ඇතැම් පාසල්වල උදෑසන රැස්වීම නොපැවැත්වීමටද පාසල් බළධාරීන් පියවර ගෙන තිබේ.

මේ අතර පසු ගිය දින කිහිපයේ ම දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති පාසල් උදෑසන රැස්වීම්වල දී ශිෂ්‍යයන් ක්ලාන්ත වී ඇද වැටුණු සිදුවීම් පිළිබඳ වාර්තා වුණා.

විලච්චිය, තන්තිරිමලේ, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල පාසල්වලිනු යි මෙම සිදුවීම් වාර්තා වුණේ.

මේ පිළිබඳ අද (22) පාර්ලිමේන්තු සැසිවාරයේ දී ද කතාබහට ලක් වුණු අතර, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා.

කෙසේ වෙතත් අදාළ පැනයට පිළිතුරු නඟමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, මිනුවන්ගොඩ පාසලක සිදු වූ එවැනි සිදුවීමක් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බව යි.

තමන් එම විදුහලේ විදුහල්පතිතුමියට කතා කළ බවත් කිසිදු අවස්ථාවක එවැනි දරුවකු ක්ලාන්ත වූ සිද්ධියක් වාර්තා වී නැති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහි දී අවධාරණය කළා.

ඒ බව සනාථ කිරීම සඳහා අදාළ පාසලේ විදුහල්පතිතුමියගේ හඬපටියක් ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට මුදා හැරි අතර, කථානායක මහින්ද යාපා අබේවර්ධන එය වළකාලමින් පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් කිසිවකුට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළ නො හැකි බව යි.