IMF එකෙන් මෙම වසර අවසානයේ ඩොලර් බිලියන දෙකයි දශම නවයක්

IMF එකෙන් මෙම වසර අවසානයේ ඩොලර් බිලියන දෙකයි දශම නවයක්

මෙම වසර අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන දෙකයි දශම නවයක ණය අනුමත කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකු නිලධාරින් අයෝජකයන්ට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති සාකච්ඡාවකදියි.

දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ණය මුදල අනුමත කළ පසු ණය හිමියන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන බවද එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාරික ලේකම් මහින්ද සිරිවර්ධන මෙන්ම මූල්‍ය හා නීති උපදේශකයෙකු වන ලසාඩ් සහ ක්ලිෆර්ඩ් සමාගම්වල නියෝජිතයන්ද එක්ව සිටියා.