බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

බිත්තර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය පහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් ද ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

ඔහු පැවසුවේ දැනට ගොවිපල සතු මව් සතුන් ද මස් පිණිස අලෙවි කෙරෙමින් පවතින බවය.

කුකුළු පාලනය සඳහා අවශ්‍ය මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 දක්වා අවම වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ තත්ත්වය යටතේ කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳව සතුටු විය නොහැකි බවය.